එහෙම තමයි හැමෝම කියන්නේ... ඉතිං මේ කියන්න හදන්නේ මේ දවස්වල උණුසුම් කාලගුණයෙන් බැටකන ඒ වගේම සාමාන්‍යයෙන් ශරීර උෂ්ණතාවය වැඩි ඔබට එය පාලනය කරගන්න පුළුවන් එදිනෙදා ජිවිතයට වටිනා දේවල් කිහිපයක් කියලා දෙන්නයි...
සාමාන්‍යයෙන් ඔබේ ශරීර උෂ්ණතාවය වැඩිද? මෙම ලක්ෂණ ඔබට තිබේද? කියලා බලන්නකෝ...
අධික දහඩියදැමීම
යටිපතුල් වේදනාව සහ දැවිල්ල
මුහුණේ ලප සහ බිබිළි
අතපය රුදාව සහ හිරිය
බඩේ ගෙඩි හට ගැනීම
ඔබේ ශරීරය සිසිල් කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි බලමු...
ඌෂ්ණාධිකම නැතිකර ඇඟ සිසිල් කරන ආහාරපාන....
දිනකට වතුර ලීටර 2-3ක් පානය කරන්න...
නෙල්ලි, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න....
හාතවාරිය අල, ඉරමුසු, සැවැන්දරා තැම්බූ වතුර පානය කරන්න.....
කටු කරෝසන, කොත්තමල්ලි, රසකිඳ, වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කරන්න....
ඉරමුසු, අශෝක පොතු, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න....
බාර්ලි හා සව් මිශ්‍ර කැඳ පානය කරන්න....
රණවරා සහමුලින් ගෙන තම්බා එම වතුර පානය කරන්න....
ඉඟිනි ඇට, සුදුහඳුන්, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න....
ඉඟිනි ඇට, හාතවාරිය අල, සුදුහඳුන්, ඉරිවේරිය තැම්බූ වතුර පානය කරන්න...
අරළු, බුළු, නෙල්ලි, සුදුහඳුන්, රසකිඳ, වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කරන්න....
රත්හඳුන්, හාතවාරිය අල, රසකිඳ, කොල්ලු තැම්බූ වතුර පානය කරන්න....
කොහොඹ පොතු, දුම්මැල්ල, අරළු, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න....
අමු නෙල්ලි ගෙඩි 06 ක් ගෙන තලා යුෂ ගෙන උණුකරන ලද එළකිරි කාලක් සමඟ හොඳින් කලවම් කර ඉදුණු අළුකෙසෙල් ගෙඩියක් පෙති ගසා සූකිරි කුඩු අවුන්සයක් ද, මීපැණි අවුන්සයක් ද දමා කලවම් කර ටික ටික ආහාරයට ගන්න....
පොල්පලා කැඳ සාදා ආහාරයට ගන්න....
නීරමුල්ලිය කැඳ සාදා ආහාරයට ගන්න....
වැල්පෙනෙල කැඳ සාදා ආහාරයට ගන්න....
පතෝල ආහාරයට එක්කරගන්න......
වැටකොළු ආහාරයට එක්කරගන්න...
කතුරුමුරුංගා ආහාරයට එක්කරගන්න....
ගැටපොලොස් ආහාරයට එක්කරගන්න....
කොහිල අල ආහාරයට එක්කරගන්න....
කිරිඅගුණ ආහාරයට එක්කරගන්න....
පිපිඤ්ඤා ආහාරයට එක්කරගන්න....
අලුත් එළවළු සමඟ හතු එකතුකර සුප් සාදා ආහාරයට ගන්න....
අමු නෙල්ලි ආහාරයට එක්කරගන්න....
බත් කැඳ දිනපතා උදේට ආහාරයට ගන්න....
මෙයට සුදුළූණු හා ඉඟුරු කැබැල්ලල් කපා දැමිය හැකි නම් කුඩා ළමයින්ට ඉතා ගුණදායකය....
මුං ඇට තම්බා එහි වතුර පානය කරන්න.....
මේ වගේ දේවල් ඔබට හැකි වෙලාවල කරන්න...
උපුටා ගැනීමකි ...